Thursday, August 21, 2008

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලට නොසැලි අභියෝග කළ සිත්තිගේ සටන අත්නොහරිමු.

වෛද්‍ය නොසැලකිල්ල මෑතභාගයේ ජාතික කථිකාවක් බවට පත්වන්නට මුල් වු සිද්ධිය වුයේ මීගමුව රෝහලෙදි මුස්ලිම් කාන්තාවකගේ පාදයක් වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුකොටගෙන කපාදැමිමේ අවාසනාවන්න සිද්ධියයි. ඒ 2005.මාර්තු 01 වනදාය.

සිය විළුඹේ වු තුවාලයක් පිරිසිදුකරගැනිමට මීගමුව රෝහලට ගොස් සිටි 48 වියැති සිත්ති නසිරා ශල්‍යාගාරයට ගෙනගොස් සිටි අවස්ථාවේ දියවැඩියාව රෝගයෙන් පෙළුන කාන්තාවක් ද එහි විය . ඇයගේ රෝගි තත්වය උත්සන්නව තිබුනෙන් ඇගේ එක් පාදයක් ඉවත්කිරිමට නියමිතව තිබුණි.
මෙය පටලාවාගත් රෝහල් කාර්යමණ්ඩලය සිත්ති නසිරාගේ පාදයක් කපාඉවත්කර දැමුවේය. එහෙත් මේ සාහාසික අත්වැරැද්ද සමාජයට හෙළි නොවුයේ දහස් ගණනක් අකාලයේ මිය ගිය සුනාමිය ගැන සිතු මේ මුස්ලිම් කතගේ සිතට නැගුණ සිතිවිල්ලකි.

මට කකුල අහිමි වුවත් ජීවිතය ඉතිරිවුවායි යන සිතිවිල්ල ඈතුල වු නිසාවෙනි.එහෙත් දෙසතියක් ගතවන්නට මත්තෙන් මීපුර පුවත්පතට රෝහල තුලින් මේ පුවත ලැබිමෙන් අනතුරුව අප ඈ සොයාගෙන ගියෙමු.අප අතර වු කෙටි සංවාදයකින් පසු තමන්ට සිදුවුන අසාධාරණය සමාජයට කියන්නටත් එයට එරෙහිව සංවිධාන්මක ලෙසින් මැදිහත්වන්නටත් ඇය තීරණය කළාය. එතැන් පටන් ඇය සිය ප‍්‍රශ්ණයට කටහඬ දෙන්නනට ඉදිරිපත්වුවාය.ඇයට මේ අවාසනාවන්ත ඉරණම හිමිකරදුන් පංගුකාරයන් එතැන් පටන් වරින් වර ඈ හමුවෙන්නට ආවේ මෙය ගොඩින් බේරාගැනිමටය.අත්වැරැද්දෙන් කැපුන කකුලට විවිධ ලංසු ඉදිරිපත්විය.කොටින්ම කියතොත් මේ පුවත මුලින්ම සමාජයට ගෙන ගිය මීපුර පුවත්පතේ පිටපත් සියල්ල මුද්‍රණාලයෙන්ම මිලදි ගන්නට හැකිදැයි අසන්නට අතරමැදියන් මීපුර කාර්යාලයටම පැමිණියේය.එහෙත් මේ සියළු ජවනිකා මැද සිත්ති නසිරා තිර ලෙසින්ම කියා සිටියේ තමන්ට සිදුවුවා මෙන්ම අන් අයටද මෙවන් තත්වයකට ඉඩනොතබන්නට කටයුතුකරන්නට තමන් මුල්වන බවය.සිත්තිට පාදය අහිමිවිමේ අතිබරපතල වෛද නොසැලකිල්ල ගැටිගැසි ඇත්තේ අති සරල එහෙත් අදටත් ජාතික වශයෙන්ම නොවිසිදනු කරුණක් මුල්කොටගෙනය.එනම් ශල්‍යකර්මයකදි රෝගි එකඟතාවය ලබාගැනිම වෙනුවන් වන එකඟතා පොර්මයක් ඒ අවස්ථාවේ මීගමුව රෝහල තුල නොතිබිමයි.එවැන්නක් තිබුනේ නම් ශල්‍යකර්මයට පෙර ඒ සම්බන්ධයෙන් රෝගියාගේ එකඟතාවය ලබාගැනෙන අතර එසේවි නම් මේ මරාන්තික අත්වැරැද්ද සිදුනොවන්නට තිබුණි.

මේ පිළිබදව ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගැන පසුගිය කාලය පුරාම කළ මතුකිරිම්වල ප‍්‍රථිපලයක් ලෙසින් දැන් මීගමුව රෝහල තුල රෝනියෝ කරන ලද කොලයක් එකඟතා පොර්මයක් ලෙසින් යොදාගැනෙන අතර පසුගියදිනක මීගමුව රෝහලේ වර්ධනය වෙමින් ඇති අර්බුදයන් ගැන සකච්ජා කිරිමට එහි ගිය අන්තර් ආගමික නියෝජිත පිරිසක් අමතා එහි වෛද්‍ය අධිකාරි වරයා ප‍්‍රකාශ කර සිටියේ ලංකාවේ කි‍්‍රයාත්මක එකම එකඟතා පොර්මය ඇත්තේ මීගමුව රෝහලේ බවත් ප‍්‍රාදේශිය පුවත්පතක් විසින් දිගින් දිගටම කරන ලද ප‍්‍රශ්ණ කිරිම්වලට පිලිතුරක් ලෙසින් එවැන්නක් යොදාගත් බවයත්ය.

සිත්ති ඇතුළු වෛද්‍ය නොසැලිකිල්ල හේතුවෙන් ශරිර අවයන්ගේ සිට ජීවිතයෙන් වන්දි ගෙවන්නට වුවන්ගේ ඥාතීන්ද , මේ උනන්දු අන් අයද එකම ගොඩනගමින් සිටින රෝගී අයිතිවාසිකම් එකතුවේ අවසන් සාකච්ජාවට වට කිපයටම පැමිණි සිත්ති නසිරා අවධාරණය කර සිටියේ එකඟතා පොර්මයක් නොමැති කමේ අඩුපාඩුවෙන් තමන්ට ගෙවන්නට වු වන්දිය තවත් අයට අත්නොවන්නට මේ එකුතුව හරහා වැපිළිවෙලක් ගොඩනැගිය යුතුය බවය.අපගේ අවසන් සාකච්ජාව තිබුනේ මීගමුව ජාතික ධීවර සහයෝගිතා ගොඩනැගිල්ලේ තෙවන මහලෙහිය.කෘතිම පාදයක වාරුවෙන් පඩිපෙළ නගමින් පැමිණි සිත්ති එහිදද සිය අවධාරණය මතකර සිටියාය.ඒ ඇයත් සමග වු අපගේ අවසන් හමුව වේ යැයි අප කිසිවෙකුත් සිහිනෙන් හෝ නොසිතුවදල අද එය සැබැවක්ව තිබේ.ඒ ඇය ඇගේ සියළු අවධාරණයන් අප ලග තබා 2008.08.02 වනදා රාති‍්‍රයේ හෘදයාබාධයකින් මිය ගිය හෙයිනි.

ප්‍රෙඞී ගමගේ,
මීපුර.

Back to Home

No comments: