
අධ්‍යක්ෂිකා
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය
සාකච්ඡා කළේ- - තාරා ශ්‍රී රාම්
වර්තමානයේ ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන ඔබගේ නිරීක්ෂණය මොකක්ද?
අද වෙන කොට ලංකාවේ මානව හිමිකම් ඉතාම අවදානම් තත්වයක තියෙන්නේ. රජය පැත්තෙන්, රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් මඟින් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. විශේෂයෙන්ම එදා ඉඳන් අද වෙනකම් මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් නිසි නෛතික පියවර අරගෙන නැහැ. අපරාධවලට දඬුවම් දෙන තත්ත්වයක් නැහැ. එනිසා අප රටේ මතයක් ගොඩ නැඟිලා තියෙනවා අපරාධයක් කරලා, මානව හිමිකම් කඩ කරලා එකෙන් ගැලවෙන්න පුළුවන් කියලා. ඒ නිසා අද කිසිම බයක් සැකයක් නැතිව ඕනම කෙනෙකුට පුලූවන් වෙලා තියෙනවා මානව හිමිකම් උල්ලංඝනය කරන්න.
මේ වනතෙක් ඔබගේ සංවිධානය මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව කර ඇති මැදිහත්වීම් මොනවාද?
අපි කාන්තා හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරන සංවිධානයක්. එතනදී ස්ත්‍රී ප්‍රශ්ණ ගැන පමණක්ම නෙවෙයි යම්කිසි ස්ත්‍රීවාදී, ස්ත්‍රී-පුරුෂ සමාජවාදී දැක්මක් හරහා මානව හිමිකම් ප්‍රශ්න ගැන බලනවා. ජාතික ප්‍රශ්ණෙට, නෙයෙකුත් මානව හිමිකම් ප්‍රශ්ණ වලට කාන්තා සංවිධානයක් හැටියට කාන්තා ක්‍රියාකාරී කමිටුව හරහා අපි මැදිහත් වුනා. 80 ගණන්වල මුලභාගයේ මුලින්ම ත්‍රස්තවාදී විරෝධී පනත අහෝසි කරන්න කියලා විශාල අරගලයක් කලා. ඒ වගේම ජාතික ප්‍රශ්ණයට දේශපාලන මුලක් තියෙන බවත් යුධමය මාර්ගයෙන් විසඳුමක් ලබා ගැනීමකට වඩා ඊට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියලා දිගටම ඉල්ලීම් කළා. අදත් ඒමතයේ තමයි අපි ඉන්නේ. 1979 අතුරුදහන්වීම්, 81-82 වසරවල දෙමළ අයට විරුද්ධව වතුකරයේ ඇති වු කෝලාහල වලදී ඊට විරුද්ධව කාන්තා සංවිධාන විදිහට එකතුවෙලා කතා කළා. මුල්ම වතාවට අවතැන් වීම් හරහා මානව හිමිකම් උල්ලංඝනයන් වෙනවා කියලා කතා කළෙත් මේ කාන්තා සංවිධාන. 84-85 දී සිද්ධ වුණ නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් වලදී ඒ ප්‍රශ්ණෙත් එක්ක අපි ඍජුවම ගැටුනා.
එවැනි මැදිහත් වීම් අනුව අද කාන්තාවන් මුහුණ දෙන ප්‍රබලම ගැටලූ ලෙස ඔබ හඳුනාගෙන ඇත්තේ මොනවාද?
පොදුවේ මුලූ රටේම බාල වයස් දුෂණය හා වැඩිහිටි දුෂණය කිරීම්වල අඩුවීමක් නැහැ. යුද්ධය නිසා උතුරු-නැගෙනහිර කාන්තාවන්ට සුවිශේෂී වු ප්‍රශ්ණ තියෙනවා ප්රචණ්ඩත්වය හා ලිංගික බලහත්කාරකම් සම්බන්ධයෙන්. හමුදාකරණයත් එක්ක හමුදාවෙන් පොලීසියෙන් හා සන්නද්ධ කණ්ඩායම් වලින් සිදු කෙරෙන අතවර බහුලයි. බලය හා ප්රචණ්ඩත්වය එක්ක සිදුවෙන මේ ක්‍රියාවන් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න, අදාළ පියවර ගන්න කිසිම හැකියාවක් නැහැ. එවැනි භයානක වාතාවරණයක් අද උතුරු-නැගෙනහිර නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙනුවෙන් අපි කාන්තා අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුව හරහා වැඩ කරන්න වෑයම් කළා. පහුගිය මාර්තු මාසයේ හමුදාවේ විශේෂ කාර්ය බලකායේ බල ඇණියක් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුවට කිට්ටුව ආලයඩිවෙම්බු කියන ගමෙන් ඉවත් කරවන්න හැකියාව ලැබුණා අපිට. ඒ පළාතේ මිනිස්සු ගෙවල් වලින් එළියට ඇදල දාලා සෝදිසි මෙහෙයුම් කෙරෙන බවටත්, විශේෂයෙන්ම කාන්තාවන් ඉන්න ගෙවල් වලට හා තනි කාන්තාවන් ඉන්න ගෙවල් වලට රාති‍්‍ර කාලයෙත් මෙහෙයුම් සඳහා එන බවට අපිට පැමිණිලි ලැබුණා. ඇතැම් කාන්තාවන්ට අතවර වුනා කියලාත් කියන්න පටන් ගත්තා. හැබැයි කවුරුවත් ඉදිරිපත් වුනේ නැහැ නමක් ගමක් ඇතිව ඒ ප්‍රශ්නේ කතා කරන්න. එතනදි අපි අඩු තරමින් හමුදාව එතනින් ඉවත් කරන්න හෝ මහන්සි ගත්තා. නමුත් දැන් ඒ කණ්ඩායම කොහේ ගිහිල්ලාද ඒ ඒ පළාත්වල කරන්නේ මොනවාද කියන එක ගැන අපි දන්නේ නැහැ.
අද සිවිල් සමාජ සංවිධාන වලට රාජ්‍ය එක්ක වැඩ කරන්න බැරි තත්වයක් රාජ්‍ය විසින්ම උදා කරලා තියෙනවා. මේ තත්වය ඔබ කොහොමද දකින්නේ?
මේක අද ඊයේ ඇති වුණ දෙයක් නෙවෙයි. 1992 විතර ඉඳන් රාජ්‍ය නොවන සංවිධාන වලට මේ තර්ජනය තිබුනා. අපිට රෙජිස්ටර් වෙන්න කිව්වා. අපි ගැන විස්තර හෙව්වා. අපිට වැඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් ඒ කාලයේ රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙලා විශේෂයෙන්ම මානව හිමිකම් සංවිධාන එකතු වෙලා ආණ්ඩුවෙන් අපිට කරන බලපෑම් වලට එරෙහිව විවිධ පියවර ගත්තා, කේවල් කිරීම් කලා. නමුත් අද වෙනකොට මානව හිමිකම් සංවිධාන හුඟාක් විසිරිලා තියෙන්නේ. අනෙක් සිවිල් සංවිධානවල තත්වයත් ඒකමයි. ඉතින් ඒක නිසාම රජයට පුලූවන් වෙලා තියෙනවා නොයෙකුත් අයට නොයෙකුත් තහංචි පනවන්න. බලපෑම් කරන්න. විස්තර හොයන්න. අද අපි එකතුවෙලා කොහේ හරි ප්‍රසිද්ධ ක්‍රියාකාරකමක් කරනවා නම් පොලීසියෙන් එතනට එනවා. ඒත් එක්කම සී.අයි.ඞී එකෙන් ඇවිත් ප්‍රශ්ණ කරනවා. අපිට වඩා මාධ්‍ය සංවිධාන වලට, උතුරු-නැගෙනහිර වැඩ කරන සමහර මානව හිමිකම් සංවිධානවලට තර්ජනයක් තියෙනවා.
ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ත්රීන්ගේ දායකත්වය ඔබ දකින්නේ කොහොමද?
මම කැමතියි ස්තී‍්‍ර දායකත්වයට වඩා පොදුවේ අරන් ඒ ගැන කතා කරන්න. ලංකාවේ බොහෝ මානව හිමිකම් සංවිධාන ස්ත්‍රී අයිතිවාසිකම් මානව හිමිකම් කියන මානයෙන් දකින්නේ නැහැ. අපි මොන ක්‍රියාකාරකම කළත් පිරිමි අය ඒවාට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම පැහැදිලිව පේනවා. අද ස්ත්‍රි දුෂණය ලංකාවේ විශාල ප්‍රශ්ණයක්. නමුත් ඒක තාම පොදු මානව හිමිකම් ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වෙලා නැහැ. ඒ වගේම තමයි ගෘහස්ථ ප්රචණ්ඩත්වය. දවසකට පොලීසි වලට වාර්ථා වෙන වදහිංසන 100 ක් 200 ක් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මානව හිමිකම් සංවිධාන වලට නිවෙස් තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවෙන ප්රචණ්ඩත්වය එතරම් අදාළ නැහැ. කාන්තාවන්ට සිද්ධ වෙන වදහිංසන කාන්තාවන්ගේ පුද්ගලික ප්‍රශ්ණයක්. මේ සංවිධාන ඒක ගොනු කරන්නේ එහෙමයි. ඇත්තටම ඒක මම මානව හිමිකම් සංවිධානවල දකින ලොකු අඩුපාඩුවක්. නමුත් ඒ කාන්තා සංවිධාන අනෙක් හැම පොදු මානව හිමිකම් ක්‍රියාකාරකමකටම මැදිහත් වෙනවා. සහභාගී වෙනවා. 1971 පටන්ම වගේ ලංකාවේ විශාල පරිමාණ සංවිධානයන් සිද්ධ වුණේ කාන්තාවන්ගේ පැත්තෙන්. නමුත් පිරිමින් ඒ සමාන දායකවීමක් කාන්තාවන්ගේ ප්‍රශ්ණවලදී කරන්නේ නැහැ.
අද ස්වාධීන ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් ගොඩ නඟනවා වෙනුවට බිහිවෙලා තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන එකතුවක් කියලා මම කිව්වොත්,
අද තියෙන රාජ්‍ය නොවන සංවිධානත් ඔවුන්ට අනුව ස්වාධීන වෙන්න පුළුවන්. සිවිල් සමාජය හැටියට ගත්තොත් අපි පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන්. ස්වාධීන ස්ත්‍රී ව්‍යාපාර මේ රටේ මෑත ඉතිහාසයේ බිහිවෙන්නේ 1970 ගණන්වල අගභාගයේ. එතකොට ස්වාධීන කාන්තා හඩ ඇතිවුනා. මීගමු කාන්තා කමිටුව, හැටන් කාන්තා කමිටුව, ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය, ප්රගතිශීලි කාන්තා පෙරමුණ ආදී නොයෙකුත් ප්රගතිශීලී ස්වාධීන සංවිධාන තිබුනා. එදා රාජ්‍ය නොවන සංවිධාන අපිව හඳුනා ගත්තේ ස්වායක්ත කාන්තා සංවිධාන කියලා. ඒ කියන්නේ පක්ෂවලට සම්බන්ධකමක් නැති, රජයට සම්බන්ධකමක් නැති සංවිධාන ලෙස. අදත් මේ කාන්තා සංවිධාන පක්ෂවල සංවිධාන නෙවෙයි. පක්ෂවලට ගැති නැහැ. රජයට සම්බන්ධත් නැහැ. 90 ගණන් වෙනකොට අපි රජයත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ප්‍රතිපත්ති මට්ටමෙන්, මානව හිමිකම් සුරක්ෂණ මට්ටමෙන් සහ නීති ක්‍රියාත්මක කිරීමේ මට්ටමින්. ඒවගේම අපිට පුළුවන් වුනා 1981 දී සීඩෝ ප්රඥප්තියට අත්සන් කරන්න. අපි තනියෙන් පිට ඉඳන් සෑහෙන්න උද්ඝෝෂණයන් කළා. ගෘහස්ථ ප්රචණ්ඩ
ත්වය නැති කරව්, දුෂණය නැති කරව් කියලා. ඒත් ඒක නැති වුනේ නැහැ. අඩු තරමින් නීතියක් ගේන්න හෝ පුලූවන් වුණේ රජයත් සමඟ යම්කිසි සම්බන්ධකමක් පවත්වමින් කේවල් කිරීමත් එක්ක. දැන් අපි රජයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. නමුත් රජයෙන් ස්වාධීනව. ඔබ කියපු කාරණය මම පිළිගන්නවා. අද ස්වායක්ත කාන්තා සංවිධාන හා ස්වායක්ත කි්රයාකරකම් කිහිපයක් තියෙනවා. නමුත් ස්ත්‍රී ව්‍යාපාරයක් හැටියට මේක ශක්තිමත්ද කියන එක ගැටලූවක්. ඒක අද ලෝකයේ හැම තැනම තියෙන ප්‍රශ්ණයක්.

ඔබ නම් කරපු බාහිර සාධක වලට අමතරව ස්ත්‍රී ව්‍යාපාරයේ පසුබැස්මට එම සංවිධානවල අභ්‍යන්තර සාධකත් බලපෑවා කියලා කිවුවොත්
මං හිතන්නේ නැහැ මේක පසුබැස්මක් කියලා. 70 ගණන්වල අග පටන්ගත් ප්රගතිශීලි සංවිධාන වලින් බොහොමයක් තාමත් තියෙනවා. නමුත් ක්ෂේත්රයේ වැඩ කරන කොට ඒ ව්‍යාපාරයන්ට යම්කිසි ගතිකත්වයන් ගන්න සිද්ධ වෙනවා. අද ස්ත්‍රී ව්‍යාපාරයේ නිරත වෙලා ඉන්න අපි 50 පැනපු ජෙනරේෂන් එකක්. අපි හොඳ ගැම්මක් එක්ක 80 ගණන්වල වැඩ කළා. එදත් එතන ගතිකත්වයක් තිබ්බා. 71 කැරැල්ල දැක්කා. එදා මුළු ලෝකයේම තිබුනේ විප්ලවීය වාතාවරණයක්. ඉස්සර අපි අතින් ඇඳලා පෝස්ටර් කළේ. මට තාම මතකයි ඉස්සර ටෙලිෆෝන් තිබ්බේ නැහැ. මම බස් නැතුව ඇවිදලා තියෙනවා මෝදර ඉඳන් එකලට හෙට කරන උද්ඝෝෂණයට පොලීසියෙන් ප්‍රශ්ණයක් තියෙනවා වැඬේ කරන්න එපා සහෝදරයා මේක භයානකයි කියලා පණිවිඬේ දෙන්න. දැන් ඉන්න පරම්පරාව එවැනි කැපකිරීම් වලට සූදානම් වෙන්නේ නැහැ ලෙහෙසියෙන්. ඒගොල්ලෝ ආකර්ශනය වෙන වෙනත් දේවල් තියෙනවා අද ලෝකේ. දැන් අපිට අවශ්‍යයි මේ කටයුතු වලින් තරමක් ඉවත් වෙලා අලූත් තරුණ පිරිසකට මේ වගකීම් දෙන්න. ඒත් අලූත් පරම්පරාව වගකීම් බාරගන්න බයයි.
ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට යම්කිසි නීතිමය ආවරණයක් තියෙනවා. නමුත් සමාජීමය වශයෙන් ඒකට ලැබිලා තියෙන රුකුල අඩුයි නේද?
ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට යම්කිසි නීතිමය ආවරණයක් තියෙනවා. නමුත් සමාජීමය වශයෙන් ඒකට ලැබිලා තියෙන රුකුල අඩුයි නේද?
හුඟක් රටවල ඒ අත්දැකීම තමයි තියෙන්නේ. ලංකාවේ තියෙන ප්‍රශ්ණේ නම් නීති තියෙනවා. ඒත් නීති ගැන බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නීතිය ගැන හදාරන එක, නීතියට ගරු කරන එක, නීතිය අකුරට ක්‍රියාත්මක කරන එක හරිම අඩුයි. මේ නිසා නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සමාජයත් කාන්තා ප්‍රශ්ණ ගැන සමාජීයකරණය වෙලා මදි.
ඔබගේ සංවිධානය මේ වනවිට මාධ්‍ය එක්ක කරන ගණුදෙනුව මොකක්ද?
මාධ්‍ය එක්ක අපේ තියෙන්නේ අමුතු ගණුදෙනුවක්. අපි කතා කරන ප්‍රශ්ණ ගොඩාක් වෙලාවට විකාශනය වෙන්නේ හෝ පළවෙන්නේ නැහැ. ගබ්සාවන් ගැන, ලිංගික බලහත්කාරකම් ගැන, යුද්දේ ගැන කතා කලාට ඒවා මාධ්‍යවල පළවෙන්නේ නැහැ. මුදල් ගෙවලා දාන්න පුළුවන් නම් මාධ්‍ය ඒවාට එකඟයි. මාධ්‍ය අපේ වාර්ථා වලට, හෙළිදරවු කිරීම් වලට දෙන ඉඩ ඉතා අඩුයි. හුඟාක් වෙලාවට අපේ ප්‍රශ්ණවලදී ඔවුන් ස්වයංවාරණයක් පනවා ගන්නවා. නැත්නම් වරදකාරී ස්වරූපයෙන් අපිව ප්‍රශ්ණ කරනවා. උතුරේ ස්ත්‍රී දුෂණයක් ගැන කතා කලොත් අහනවා දකුණේ දුෂණ වෙනවා ඇයි ඒවා කතා කරන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ ඔවුන්ට අනුව ලංකාවේ වෙන හැම සිද්ධියක් ගැනම අපි ප්‍රකාශයක් නිකුත් කරලා නැත්නම් අපිට සමහර සිද්ධි ගැන ප්‍රකාශයන් කරන්න බැහැ.
ස්ත්රීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වර්තමානයේ ඔබගේ දර්ශනය මොකක්ද?
අපිට තියෙන්නේ ස්ත්‍රීවාදී දර්ශනයක්. අපි හිතන්නේ නැහැ නීති රීති පොතට සීමා විය යුතුයි කියලා. ලංකාවේ තීරණ ගන්න තැන්වල කාන්තාවන් නැහැ. මේක ආර්ථික, සමාජ දේශපාලන රාමුව තුළ ආරක්ෂා විය යුතු වර්ධනය විය යුතු අයිතිවාසිකම් පෙළක්. අපි ස්ත්‍රී අයිතිවාසිකම් පමණක්ම අරමුණු කරගෙන නෙවෙයි මේ අරගලය කරන්නේ. අද අපේ කාන්තාවන්ගේ ස්වයංවිමුක්තිය, ස්වයංතීරණ ගැනීමේ හැකියාව ඇති කිරීම අත්‍යවශ්‍ය කාරණයක් කියලා මම විශ්වාස කරනවා.